ලබන වසරේදී CT, MRI පෝලිම් අවසන්,උපකරණවල අවශ්‍යතා සියල්ල දෙනවා – ඇමති නලින්ද ජයතිස්ස කියයි

ලබන වසර වන විට මෙරට මධ්‍යම රජයේ රෝහල්වල CT scan, MRI වැනි උපකරණවල අවශ්‍යතා සියල්ල සපුරාලන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඉදිරි දශකය තුළ මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ දැවැන්ත පිබිදිමක් ඇති කරන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියා.

සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ අනුශාසක පූජ්‍ය කුප්පියාවත්තේ බෝදානන්ද ස්වාමින්වහන්සේ මෙම අවස්ථාවට එක්වුණා.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් සම්මේලනයට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *