ආසන පටි නිතීය කැඩූ 3000කට දඩ නියම කරමින් නිතීමය පියවර ගනියි

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ 3,000 ආසන්න පිරිසකට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි, පොලීසිය පවසනවා.

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී.ජේ. සේනාධීර පැවසුවේ බොහෝ පිරිසක් එම නීතියට අනුගත වුවද සුළු පිරිසක් එම නීතිය අනුගමනය නොකරන බවයි.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලු මගීන් ආසන පටි පැළඳීම, පසුගිය 19 වැනිදා සිට අනිවාර්ය කෙරුණා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *