අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අධිකරණයට රැගෙන එනු ලැබුවා.
‘සිරිලිය සවිය’ සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පරිගණකගත ටොමෝග්රැෆි ස්කෑනර් (CT ස්කෑන්) යන්ත්රයක් ලබාදෙන බව පවසමින්, ඒ සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක (රු. 10,000,000/-) මුදලක් ලබාගෙන එම මුදලින් අදාළ යන්ත්රය ලබා නොදී රජයේ මුදල් සාපරාධී සාවද්ය ලෙස පරිහරණය කිරීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සිදුකිරීමේ චෝදනාව මතයි ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ.
අද (07) පෙරවරු 9.56 පමණ කිරුළපන, පූර්වාරාමයේ පිහිටි නිවසේදී ඇය අත්අඩංගුවට ගනු ලැබුවා