දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම නිසා විවෘත වරෙන්තු නිකුත් කර සිටියදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගනු ලැබූ හිටපු අමාත්ය රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය අද (07) නියෝග කළා.
ඒ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල විසින්.
සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙලෙස නියෝග කළේ.