2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට ගෙන එන ලද සංශෝධන පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතව ඇති අතර, එමගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) බලතල තවදුරටත් වැඩිවනු ඇත.
මෙම පනත් කෙටුම්පත 2026 ජූලි 27 වැනිදා ගැසට් පත්රයේ පළකර, අගෝස්තු 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මුල් පනතේ වගන්ති 18ක් සංශෝධනය කිරීමට එමගින් යෝජනා කර තිබේ.
එය ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල දැයි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්විය. කෙටුම්පතේ 17 වැනි වගන්තියට එරෙහි වූ ශ්රේෂ්ඨාධිකරණය, එය ජනමත විචාරණයක් අවශ්ය වගන්තියක් බව තීරණය කළේය. එම වගන්තියෙන් ඇප දීමේ බලය අධ්යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් මත මහාධිකරණයට පැවරීමටත්, පනත යටතේ සියලු වැරදි සංඥේය වැරදි බවට පත්කිරීමටත් යෝජනා කර තිබුණි.
රජයේ ප්රකාශයන්ට අනුව, ජනමත විචාරණයකට නොගොස් 17 වැනි වගන්තිය ඉවත් කර, ඉතිරි කොටස් පාර්ලිමේන්තුවේ අවශ්ය බහුතරයෙන් සම්මත කරගැනීමට නියමිතය. ශ්රේෂ්ඨාධිකරණයට අනුව 3, 4, 6(4), 6(5) යන වගන්ති සරල බහුතරයෙන් සම්මත කළ හැකි අතර, 6(7) සහ 7 වගන්ති සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්ය වේ.