ඉන්දියාව, ජපානය හා චීනය යන රටවලින් ශ්රී ලංකාවට ලැබී ඇති ආධාර පිළිබඳව අදහස් දක්වමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම රටවල් වෙතින් ලැබුණු සහාය ගැන කරුණු දැක්වීය.
“අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් අපිට ඉන්දියානු රජයෙන් ලැබෙනවා. අපේ දිට්වා ආපු වෙලාවේදී අපිට ඩොලර් මිලියන 100ක ආධාරයක් දුන්නා. අපිට තාවකාලික පාලම් විශාල ප්රමාණයක් ගෙනැත් දුන්නා. තව පාලම් හදන්න ණය ආධාරයක් දුන්නා. ඉන්දීය අග්රාමාත්යතුමාගේ විශේෂ නියෝජිතයෙක් හැටියට ඒ විදේශ ඇමැතිතුමා ලංකාවට ඇවිල්ලා සාකච්ඡා කළා,” යැයි ඔහු පැවසීය.
ජපානය හා චීනය ගැන සඳහන් කරමින් ඔහු මෙසේ කීවේය: “අපි ජපානයට ගියපු වෙලාවේදී කිව්වා අපේ රටේ පහසුකම් සහිත බස් ව්යාපෘතියක් ආරම්භ කරන්න බස් ටිකක් දෙන්න කියලා එකඟ වුණා. දැන් ලබාදීලා තිබෙනවා. අපි චීනෙට ගියා. එගොල්ලෙන්ට කිව්වා විදුලියෙන් දුවන බස් රථ 100ක් දෙන්න කියලා. චීන රජය එකඟතාව පලකරලා තියෙනවා.”