අන්තරායකර අපද්රව්ය පරිසරයට එකතු කරන්නන්ට රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිර දඬුවම් පමුණුවන නීති ගෙන එන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පවසයි.
එමෙන්ම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමට කටයුතු කරන බවත් ඇය ජාතික නාමල් උයනේ 36 වැනි සංවත්සරයට එක්වෙමින් පෙරේදා (10) කීවාය.
“අපි පරිසර සංරක්ෂණය ගැන වචනයට විතරක් සීමා වුණේ නැහැ. ප්රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම අරන් තියෙනවා. වසර 25කට පස්සේ ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා සංවර්ධන ව්යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම අපි තවත් දැඩි කළා. ඊටත් අමතරව, අපි ක්රියාත්මක කරපු භූගත ජලය ආරක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළ නිසා අද වන විට නාමල් උයන ආශ්රිත ජනතාවට නොමිලේ පිරිසුදු පානීය ජලය ලබාගැනීමේ භාග්යය උදාවෙලා තියෙනවා” යැයිද ඇය පැවසුවාය.