කොළඹ-මහනුවර වැනි කෙටි දුර බස් මාර්ගවලදී තේ පානය සඳහා කරනු ලබන අනවශ්ය නැවැත්වීම් අවම කිරීමට සැලසුම් කරන බව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සභාපති සජීව කනකරත්න මහතා පවසයි.
ගමන් කරන දුර හා ගමනාන්තය පදනම් කරගනිමින්, රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අවශ්යතා ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ක්රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.
දිගු ගමන්වලදී රියදුරන්ගේ වෙහෙස අඩු කිරීමටත් අනතුරු අවදානම අවම කිරීමටත් විවේක ගැනීම්වල අවශ්යතාව පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
හැකි ඉක්මනින් මෙම පියවර ක්රියාත්මක කිරීමට ලංගම බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා සඳහන් කළේය.