ගෝලීය අභි­යෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධ­තිය ස්ථාව­ර වෙයි – මහ බැංකුව නිවේදනය කරයි

ගෝලීය අභි­යෝග මැද පවා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධ­තිය ස්ථායි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ මූල්‍ය ස්ථායිතා විව­ර­ණ­යක් ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කරයි.

මේ වසරේ (2026) පළමු භාගයේ ආර්ථි­කය යථා තත්ත්ව­යට පත්වීම සහ බැංකු පද්ධ­තියේ ශක්ති­ම­ත්භා­වය තහ­වුරු වී ඇතැ­යිද එහි සඳ­හන් වේ. වාහන ලීසිං සහ රන් ඇප ණය සඳහා මහ බැංකු­වෙන් දැඩි සීමා මාලා­වක් ද හඳුන්වා දී ඇත. මැද­පෙ­ර­දිග අර්බු­දය සහ ගෝලීය බල­ශක්ති මිල ඉහළ යෑම හමුවේ විදේශ විනි­මය වෙළෙ­ඳ­පො­ළට පීඩ­න­යක් ඇති වී තිබේ.

ගෝලීය වශ­යෙන් මතුවූ විවිධ ආර්ථික හා භූ-දේශ­පා­ල­නික කම්පන හමුවේ වුවද, 2026 වසරේ පළමු භාගය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධ­තිය ස්ථායි මට්ට­මක පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 70 වැනි වග­න්තිය ප්‍රකා­රව නිකුත් කරන ලද 2026 වසර සඳහා වන වාර්ෂික මූල්‍ය ස්ථායිතා විව­ර­ණය (Financial Stability Review) මඟින් මේ බව අනා­ව­ර­ණය කර ඇත. සලකා බලන ලද කාල­සී­මාව තුළ දේශීය ආර්ථික ක්‍රියා­කා­ර­කම් අඛ­ණ්ඩව යථා තත්ත්ව­යට පත්වීම, රාජ්‍ය මූල්‍ය තත්ත්ව­යන් වැඩි­දි­යුණු වීම සහ බැංකු හා මුදල් සමා­ග­ම්වල ප්‍රාග්ධන හා ද්‍රව­ශී­ලතා ස්වාර­ක්ෂක ප්‍රමා­ණ­වත් ලෙස පැවැ­තීම මූල්‍ය පද්ධ­තියේ ස්ථායි­තා­වට සෘජු­වම උප­කාරි වී ඇතැයි මහ බැංකුව පව­සයි. එසේම, රාජ්‍ය අංශය වෙත මූල්‍ය අංශයේ තිබූ නිරා­ව­ර­ණය යම් ප්‍රමා­ණ­ය­කින් පහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, මැද­පෙ­ර­දිග උද්ගත වූ භූ-දේශ­පා­ල­නික ආත­තීන්, ගෝලීය උද්ධ­මන පීඩ­නය, බල­ශක්ති හා වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම සහ දැඩි ගෝලීය මූල්‍ය තත්ත්ව­යන් හේතු­වෙන් දේශීය ආර්ථි­ක­යට අහි­ත­කර බල­පෑම් එල්ල වීමේ අව­දා­න­මක් පැවැති බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

විශේ­ෂ­යෙන්ම මැද­පෙ­ර­දිග අර්බු­දය හමුවේ ආන­යන විය­දම් හා බල­ශක්ති මිල ඉහළ යෑම නිසා විදේශ විනි­මය සඳහා වූ ඉල්ලුම වැඩි වී අමෙ­රි­කානු ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­යල අව­ප්‍ර­මා­ණය වීමේ පීඩ­න­ය­කට මුහුණ දුන්නේය.

එසේ වුවද, විදේශ සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ, සංචා­රක ඉපැ­යීම්, අප­න­යන ආදා­යම් සහ මහ බැංකුව විදේශ විනි­මය ශුද්ධ වශ­යෙන් මිලදී ගැනීම මඟින් විදේශ විනි­මය වෙළෙ­ඳ­පොළ පීඩ­නය පාල­නය කර ගැනී­මට හැකි විය.

පෞද්ග­ලික අංශයේ ණය ඉල්ලුම ඉහළ යෑමත් සමඟ, විශේ­ෂ­යෙන්ම වාහන මූල්‍ය­ක­ර­ණය (ලීසිං) සහ රන් ඇප­කර මත ලබා දෙන ණය ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වී තිබේ. මෙම­ඟින් පද්ධ­ති­මය අව­දා­න­මක් ගොඩ­නැ­ඟීම වැළැ­ක්වීම සඳහා මහ බැංකුව විසින් 2026 මැයි මාස­යේදී එක්දින ප්‍රති­පත්ති පොලී අනු­පා­ති­කය ඉහළ නැංවී­මට කට­යුතු කළේය.

ඊට අම­ත­රව, මෝටර් රථ මූල්‍ය­ක­ර­ණය සඳහා වන උප­රිම ණය අනු­පා­ති­කය (LTV) දැඩි කිරී­ම­ටත්, රන් ඇප­කර මත ලබා­දෙන ණය සඳහා උප­රිම සීමා­වන් සහ අව­දා­නම් බර තැබීම් (Risk Weights) හඳුන්වා දීම­ටත් පිය­වර ගන්නා ලදි.

එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණා­ටු­වෙන් පීඩා­වට පත් පුද්ග­ල­යන්ට සහ ව්‍යාපා­ර­ව­ලට සහන සැල­සීම සඳහා ද මහ බැංකුව විසින් මූල්‍ය ආය­තන වෙත උප­දෙස් මාලා­වක් නිකුත් කර ඇත.

වාර්තා­වට අනුව බැංකු අංශයේ සමස්ත ණය වර්ධ­නය 2026 දෙවැනි කාර්තුව වන විට සිය­යට 23.6ක් දක්වා ඉහළ ගොස් ඇත. අක්‍රිය ණය (Stage 3) අනු­පා­තය 2025 දෙවැනි කාර්තුවේ පැවැති සිය­යට 11.9 සිට 2026 දෙවැනි කාර්තු­වේදී සිය­යට 9.1 දක්වා පහළ බැස තිබීම විශේ­ෂ­ත්ව­යකි.

එසේම, ඩිජි­ටල් ගෙවීම් පද්ධති විස්තා­ර­ණය වීමත් සමඟ මූල්‍ය අන්ත­ර්ග­ත­භා­වය ඉහළ ගියද, සයි­බර් තර්ජන සහ මූල්‍ය වංචා ඉහළ යෑම හමුවේ ඩිජි­ටල් ගෙවී­ම්වල ආර­ක්ෂාව තහ­වුරු කිරී­ම­ටත්, මුදල් විශු­ද්ධි­ක­ර­ණය වැළැ­ක්වීමේ (AML/CFT) රාමුව ශක්ති­මත් කිරී­ම­ටත් පිය­වර ගෙන ඇත.

ඉදි­රි­යේ­දීත් භූ-දේශ­පා­ල­නික අස්ථා­ව­ර­ත්ව­යන් සහ ගෝලීය වෙළෙ­ඳ­පොළ අවි­නි­ශ්චි­ත­තා­වන් පැවැ­තී­මට ඉඩ ඇති බැවින්, දේශීය මූල්‍ය ස්ථායි­තාව සුර­ක්ෂිත කර­ගැ­නීම උදෙසා අඛණ්ඩ සුප­රි­ක්ෂා­කා­රි­ත්වය, ශක්ති­මත් ප්‍රාග්ධන ස්වාර­ක්ෂක පව­ත්වා­ගැ­නීම සහ විච­ක්ෂ­ණ­ශීලී ප්‍රති­ප­ත්ති­මය මැදි­හ­ත්වීම් අත්‍ය­වශ්‍ය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව අව­ධා­ර­ණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *