ඇතැම් භික්ෂුන්වහන්සේලා දානමාන උත්සව පැවැත්වෙන අවස්ථාවල ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයේ විවිධ තොරතුරු බලමින් සිටීම හේතුවෙන් ගිහි ජනයා තුළ අප්රසාදයක් දානවලදී භික්ෂුන් මතුව ඇතැයි අස්ගිරි පාර්ශ්වය පෙන්වා දෙයි.
දළදා මාලිගාවේ දාන පින්කම් පැවැත්වෙන අවස්ථාවලදී එම කටයුතුවලට අවධානය යොමු නොකොට ඇතැම් භික්ෂුන්වහන්සේලා ජංගම දුරකථනයට යොමුව සිටින අයුරු දැක කලකිරුණ දායකයන් මේ සම්බන්ධයෙන් නායක ස්වාමීන්වහන්සේලාට පැමිණිලි කර ඇත. මේ හේතුවෙන් ශ්රී දළදා මාලිගාවේ දාන පින්කම් පැවැත්වෙන අවස්ථාහිදී ජංගම දුරකථන භාවිතය සහ අන්තර්ජාලයේ විවිධ තොරතුරු බැලීමෙන් වළකින්නැයි මහවිහාරයේ භික්ෂුන්වහන්සේලා සියලුදෙනාට කාරක මහා සංඝ සභාවේ තීරණය පරිදි දැනුම් දීමට පියවර ගෙන තිබිණි.
අස්ගිරි විහාර පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ නොවැම්බර් මාසයට නියමිත මාසික රැස්වීම 30 වැනිදා පැවැත්වීමට ද නියමිතව ඇත.