එල්.ටී.ටී.ඊ. සංවිධානයට පෙර දළදා මාලිගාවට අත තැබීමට කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවට මල්වතු මහා නායක හිමියන් ප්රකාශ කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා පවසනවා.
එහිදී, ඔවුන් දළදා මාලිගාවට වෙඩි තබා ආරක්ෂකයන්ගේ තුවක්කු පැහැර ගැනීමට කටයුතු කළ බවයි අද (13) පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් මන්ත්රීවරයා සඳහන් කළේ.
මල්වතු මහා නායක හිමියන්ගේ ප්රකාශයත් සමඟ සමහරුන් ‘ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට බෝම්බ ගසා නොමැති’ බවට උද්දාමයට පත්ව සිටින බවත්, බෝම්බ ගැසුව ද වෙඩි තැබුව ද එම ශුද්ධ භූමියේ දී මිනිසුන් ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත් ඔහු ප්රකාශ කළා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ කාලයේදී එක හා සමානව කටයුතු කළ අතර, උතුරේ යුද්ධය පැවැති අතරතුර, දකුණේ ත්රස්තවාදය පැතිරවූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවත්, ඒවා අමතක කිරීමට තරම් තමන් ‘මැරී ඉපදී නොමැති’ බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කර සිටියේ