හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි “සිරිලිය සවිය” නඩුවේදී, ඒඩ්ස් මර්දනය සඳහා පෞද්ගලික ආයතනයකින් ලබාගත් රුපියල් මිලියන 22ක මුදලින් ජාතික රෝහලට ලබාදී ඇත්තේ මිලියන 2ක් පමණක් බවට අධිකරණයේදී අනාවරණය වූ බව වාර්තා වේ. එම මුදල් කලු සල්ලි සුදු කිරීමක් දැයි සැකයක් මතු වී ඇති බව ද සඳහන් වේ.
මූල්ය අක්රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සහ FCID විමර්ශනය කරන මෙම නඩුවේදී, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 10ක් “සිරිලිය සවිය” ගිණුමට බැර කර ඇති බව ප්රකාශ කෙරිණි. එය රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්රයක් ලබාදීමට යැයි පවසා ලබාගත් මුදලකි. මීට අමතරව එවක විදේශ කටයුතු අමාත්යාංශයෙන් ලක්ෂ 88ක් සහ “හුවාවි” සමාගමෙන් මිලියන 22ක් ද එම ගිණුමට බැර වී ඇති බව පැමිණිල්ල අධිකරණයට දැනුම් දී තිබේ.