අභියාචනය සාර්ථකයි – අනෝජන්ගේ මරණ දඩුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි

සවුදි අරාබියේදී අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකිකයාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට සවුදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා රජය විසින් අඛණ්ඩව ගෙන ගිය රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, දක්වන ලද සහයෝගය වෙනුවෙන් සවුදි අරාබි රජයටත්, අදාළ නීතිමය සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලිය සඳහා කැපවී කටයුතු කළ සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සහ එහි සාමාජිකයින් මෙන්ම ශ්‍රී ලාංකික සහ සවුදි නීතිඥ කණ්ඩායම් වෙත විශේෂ ස්තූතිය පුද කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *