හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට අදාල ජාත්‍යන්තර රතු වරෙන්තුව ලබා ගැනීමට අධිකරණය නියෝග කරයි

2014 ඌව පළාත් සභා මැතිවරණයට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් වැයකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කෙරේ

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකයට නියෝග කළා.

ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාකිරීම සඳහා රතු නිවේදනයන් ලබා ගැනීමට වරෙන්තුවක් ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට 2014 වර්ෂයේදී යොමු කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් එම කාර්යාංශයේ ප්‍රවර්ධන කටයුතුවලට වැය නොකර ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ටී ෂර්ට් 12,000ක් ලබා දී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය මෙම සිද්ධිය අධිකරණයට වාර්තා කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *