හෘද සැත්කමකින් පසු ප්‍රතිකාර සදහා ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගතවීමට අධිකරණයෙන් අවසර ඉල්ලයි

සිංගප්පූරුවේදී සිදුකළ හෘද සැත්කමෙන් අනතුරුව අවශ්‍ය පසු ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, තමන්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සම්බන්ධ නඩුවට අදාළව මීට මාස හතරකට පමණ පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *