සම්ප්රේෂණ ජාලයේ ඇති වූ ප්රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් ශ්රී ලංකාව පුරා විදුලි සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුමට බලපෑම් එල්ල වී තිබේ.
විදුලිබල පද්ධතිය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික ඉංජිනේරුවන් සහ විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය මේ වනවිට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
ඒ අනුව, විදුලි සැපයුම අදියරෙන් අදියර යළි ලබාදීමට අවශ්ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.