අසත්‍ය ප්‍රචාර සමාජගත කළොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අසනීප වී ඇත්තේ පය ලිස්සා වැටීමෙන් බවත්, උන්වහන්සේ මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එසේම, මෙම සිදුවීම මුල් කරගනිමින් යම් පාර්ශ්වයක් සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීමට කටයුතු කළහොත්, ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *