බැසිල් රාජපක්ෂ නැවත මෙරටට ගෙන එන්න නිතිපතිවරයා වැඩ අරඹයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නව වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ අනුව, විදේශගතව සිටින ඔහු අත්අඩංගුවට ගෙන, මෙරට එල්ල වී ඇති දූෂණ චෝදනාවලට මුහුණ දීම සඳහා නැවත මෙරටට ගෙන ඒමට මාර්ගය විවෘත වී ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නව වරෙන්තුව නිකුත් කර ඇත

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය කොන්ත්‍රාත්තු සඳහා කොමිස් මුදල් ලබාගත් බවට චෝදනා කරමින් BBC නාලිකාව විසින් බැසිල් රාජපක්ෂ මහතාව “Mr. 10 Percent” ලෙස හඳුන්වා දී ඇත. කෙසේ වෙතත්, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණද, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පාලන සමයන්හි සිදුවූ අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු නඩුවලට මුහුණ දෙමින් සිටී

75 වැනි වියෙහි පසුවන බැසිල් රාජපක්ෂ මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පෞරවැසිභාවය හිමි අයෙකු වන අතර, ඔහු ඇමරිකාවේ රැඳී සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටීම මගහැර ඇත.

බලවත් රාජපක්ෂ පවුලේ ප්‍රධාන දේශපාලන සැලසුම්කරුවෙකු ලෙස සැලකෙන ඔහු, 2022 ජූලි මස පැවැති ජන අරගලයෙන් ධුරයෙන් පහකළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය හෙබවීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *