අතුරුදහන්ව සිටින ‘අග්බෝ’ හස්තියා සොයාගැනීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර යැවීමට පියවර ගෙන තිබේ.
පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇති බව පරිසර අමාත්යාංශය සඳහන් කරයි.
එම විශේෂ හමුදා කණ්ඩායම මගින් අග්බෝ ඇතා දැනට සිටින ස්ථානය නිශ්චිතව හඳුනාගනිමින්, උන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත