කාවන්තිස්ස ඇතුට අධිමාත්‍රා දුන් බවට චෝදනා එල්ල වූ වෛද්‍ය ඉසුරු හේවාහෙට්ටිගේ ඉල්ලා අස් වෙයි

‘කාවන්තිස්ස’ හස්තියාට ප්‍රතිකාර සදහා පැමිණි නිකවැරටිය පශු වෛද්‍ය කර්යාලයේ සේවය කළ වෛද්‍ය ඉසුරු හේවාහෙට්ට්ගේ සිය සේවයෙන් ඉල්ල අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසනවා.

වෛද්‍ය ඉසුරු හේවාහෙට්ටිගේ හට චෝදනා එල්ල වී තිබුනේ ‘කාවන්තිස්ස’ හස්තියාට නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම, අධිමාත්‍රාවෙන් ඖෂධ ලබාදීම ඇතුලු චෝදනායි.

අදාල චෝදනා සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් මෙම වෛද්‍යවරයාට එල්ල වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ඉසුරු හේවාහෙට්ටිගේ වෛද්‍යවරයාටද දැඩි වි‍රෝධයක් එල්ල වුනා.

මීට පෙර මියගිය තේක්ක රාජා සහ භාතිය නැමැති දැවැන්ත හස්තීන් රෝගාතුර වූ අවස්ථාවේදී ප්‍රතිකාර ලබා දී ඇත්තේ ද මෙම වෛද්‍යවරය බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම සද්ධන්තයින්ද අසාධ්‍ය තත්ත්වයෙන් මියයාමේ සිද්ධීන්ද වෛද්‍ය ඉසුරු හේවාහෙට්ටිගේට සමාජයෙන් එල්ල වන චෝදනා අතරට අයත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *