මිහින්තලා පින්බිමේ අලුතින් ඉදිකරන ලද මිහිඳු මහා සෑයේ කොත පැළඳවීමේ පුණ්ය මහෝත්සවයට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා සහ ජයන්ති තිස්සකුට්ටිආරච්චි මහතා සහභාගී වී තිබේ.
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ පාදස්පර්ශයෙන් පූජනීයත්වයට පත් මිහින්තලා පුදබිම තුළ ඉදිවූ මෙම මහා සෑයේ කොත පැළඳවීම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උත්සවශ්රීයෙන් සිදු කෙරිණි. මේ සඳහා මහා සංඝරත්නය, දේශපාලන නියෝජිතයන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.