ජනාධිපති අනුර කුමාර දිසානායක බදුල්ලේ කළ කතාවට සමහර මාධ්ය තුළ ලැබී තිබූ ‘හා හා’ ප්රතිචාරය අනුව ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට බංකරයක් තුළට රිංගා ගැනීමට සිදුව තිබෙන බව ඊයේ (19 වැනිදා) කොළඹ පැවැති මාධ්ය හමුවට එක්වෙමින් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පැවැසීය.
මෙය ජනතාවගේ පැත්තෙන් විශාල ජයග්රහණයක් බවත් එය සමාජීය වශයෙන් හැරවුම් ලක්ෂ්යයක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා බදුල්ලේ රැස්වීමේදී අධිකරණ නියෝගවලට පිටින් කිසිවක් නොකරන බව ප්රකාශ කළද අධිකරණයෙන් වරදකරුවන් කළ 285 දෙනකු 2025 පෙබරවාරි 04 වැනිදාත් 49 දෙනකුත් 2026 පෙබරවාරි 04 වැනිදාත් ජනාධිපතිවරයා විසින් නිදහස් කර තිබෙන බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.
ඉහත සිදුවීමේදී හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාට ගෙදර යාමට සිදුවූ බව පෙන්වා දෙන ඇමැතිවරයා එය අනීතික ක්රියාවක් සේම හිටපු කොමසාරිස්වරයාගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් බවට තීන්දු වී තිබුණද මෙතෙක් ඔහු සේවයේ පිහිටුවා නැති බවද සඳහන් කළේය.
හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ධුරය ඩැහැගැනීම සඳහා ඇතැම් බන්ධනාගාර නිලධාරීන් නීතිය අවභාවිත කරමින් තිබෙන බව ඥානසාර හිමියන් හමුවීමට ගිය නීතිඥවරයා පැහැදිලි කර තිබෙන බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.