අධිවේගයේ ආසන පටි නීතිය කැඩූ 5200 කට දඩ නියම කරයි

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ පන්දහස් දෙසීයකට ආසන්න පිරිසකට දඩ නියම කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය ඔක්තෝබර් 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන වල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.

ඒ අනුව පසුගිය 19 වැනිදා සිට මේ දක්වා කාලයේදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී වාහන වල ආසන පටි තිබියදී එය නොපැළද අධිවේගී මාර්ගවල ගමන්ගත් මගීන්ට මෙලෙස දඩ නියම කර ඇත.

අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය විසින් අධිවේගී මාර්ගයන්ට ඇතුළු වන ස්ථාන සහ පිටතට පැමිණෙන ස්ථානයේදී සියලුම වාහන පරීක්ෂා කරන අතර ආසන පටි සවි කර නොමැති කිසිදු වාහනයකට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවේ.

කෙසේ වෙතත් මේ වන විට බහුතරයක් ආසන පටි නීතියට අනුගතව ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *