ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව සිදුකළ සාම පාගමන ආණ්ඩුව පෙරළීමේ අරමුණින් ක්රියාත්මක කළ එකක් නොවන බව කොටපිටියේ රාහුල අනුනායක හිමි පවසනවා.
ඒ අද (20) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
ඥානසාර හිමියන් ජාතිවාදයේ හෝ දේශපාලනයේ නිරත නොවන බවත්, නොමැති ආගම්වාදයක් සහ ජාතිවාදයක් පවතින බවට පෙන්වීමට උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළා.
ඥානසාර හිමියන් වෙනුවෙන් තරුණ භික්ෂූන් වහන්සේලා සිදුකරන ක්රියාකාරකම් දේශපාලන ගමනක් ලෙස අර්ථකථනය කිරීම ප්රතික්ෂේප කරන බව පැවසූ උන්වහන්සේ, එම පිරිස එක්ව සිටින්නේ සිවුර සහ බුදු දහම වෙනුවෙන් බව අවධාරණය කළා.
යම් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුවට විරුද්ධව අදහස් දැක්වීම ආණ්ඩුවට එරෙහිවීමක් ලෙස සැලකිය නොහැකි බවත්, භික්ෂූන් වහන්සේලාට තම මතවාද සාමකාමීව සහ තර්කානුකූලව ඉදිරිපත් කිරීමට හැකියාව තිබිය යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.
එමෙන්ම, ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කළ ආකාරය වැරදි බව සඳහන් කළ උන්වහන්සේ, එම ක්රියාවලිය නිසි ක්රමවේදයකට අනුව සිදුකළ යුතුව තිබූ බව ද පැවසුවා.
එමෙන්ම මෙම ගැටලුව විසඳන තෙක් අදාළ ක්රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.