ජනපති අනුර සහ විදේශ ඇමතිගේ මැදිහත්වීම නැත්තම් අනෝජන් සිවරාසාට අනිවාර්යෙන්ම මරණ දඩුවම හිමි වෙනවා – ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා

අපේ ජනාධිපවරයා හා විදේශ අමාත්‍යවරයා මැදිහත් වීමක් නොකළේ නම් අනුජන් සිවරාසාට අනිවාර්යයෙන්ම මරණීය දණ්ඩනය හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

”අනුජන් සිවරාසා අපේ තරුණයා සම්බන්ධයෙන් එතුමාට ලැබුණු මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ නීති ක්ෂේත්‍රය හරහා එතුමට ලබා ගැනීමට උණු සහනය ගැන මට වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම සම්බන්ධයෙනුත් ස්තුතිවන්ත වෙනවා.

මම හිතනවා මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට තමයි කටයුතු කළේ. අපට දේශපාලනයක් අදාල වුණේ නැහැ. අපට ආගම් ජාතියක් කවදාවත් අදාල වුණේ නැහැ. විශේෂත්වය සමස්ත ලාංකික ජනතාව, අතිගරු ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, එහි සිටින තානාපතිතුමා, අපේ විපක්ෂ නායකතුමා සියලු දෙනාගේ ප්‍රාර්ථනාව සහ කර්තව්‍ය වූයේ අපට මේ අනුජන්ව මරණීය දණ්ඩනයෙන් කොහොමද අපි බේරන්නේ කියලා.

ඒ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා අපට අවසර දුන්නා. උපල් කුමාර මහත්මතුමා සහ මම සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාද් නාවවි අපි සෞදි අරාබියාවට ගියා. මුලින්ම මහාධිකරණයේදී අනුජන් සිවරාසා සම්බන්ධයෙන් නබිසල්තුමා ඉස්ලාම් දරණයේ නබිසල්තුමාට අපහස කිරීම සම්බන්ධයෙන් අවුරුදු පහක සිර දඬුවමක් සහ මිලියන තුනක රියල් දණ්ඩයක් ගැහුවා. ඒ සම්බන්ධයෙන් අනුජන් සිවරාසාගේ දෙමාපියන් අභියාචනයක් ගොනු කිරීමේ අවශ්‍යතාවය තිබ්බා.

ඒ වගේම රජය විසින් ඒ දඩය මධ්‍ය කියන එක අභියාචනා අධිකරණයට අභියාචනා කරා. ඒ දුන්න නැහැ ඒ දුන්න දඩය රජය විසින් කිව්වා මේ අවුරුදු පහේ දඬුවම මදි කියලා. එහිදී අභියාචනා අධිකරණය එම වරණ හද් යන කාණ්ඩයට දැම්මා. ඒ කියන්නේ දෙවියන්ගේ නීතිය සම්බන්ධයෙන් වරදක් හැටියට ඒ ගනයට දාලා ඒ තරුණයාට මරණීය දණ්ඩනය තීන්දු කරා. ඉන්පසුව තිබුණු එකම විකල්පය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම. ඒ කියන්නේ හද් ගනයේ වරදකට රජය රජුට වුණත් සමාව දීමේ හැකියාව නැහැ.

ඒ නිසා රජයක් හැටියට සහය දෙමාපියන්ට තිබුණු එකම විකල්පය ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කිරීම. ඒ සම්බන්ධයෙන් එහි සිටින තානාපතිතුමා සම්බන්ධව අපි සාකච්ඡා කරා. අපි නීති සමාගමක් එක්ක දීර්ඝ සාකච්ඡා කරා. ඒ වගේම රජය මැදිහත් වුණා ඒ නීති සමාගමට අවශ්‍ය කරන සියලුම ගෙවීම් කරන්න.

ඒ නිසා අපට අපට ඒ නීති සමාගමත් එක්ක සාකච්ඡා කරලා උපල් කුමාර මහත්මතුමා සහ මම සහ හෆීල් ෆාරිස් සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් නාවවි මහතා අපි නීති තර්ක වගයක් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට එහි ඉන්න නීති මාර්ග මහත්තුරුන් සමඟ එකතු වෙලා අපි ගොනු කළා එහි පෙත්සම් ගොනු කරන්නේ ඔන්ලයින් වලදී. ඊට පස්සේ අපට සුබදායී ආරංචියක් ලැබුණා.

ඒ මරණීය දණ්ඩනය අත්හස් කරලා නැවත මේ නඩුව දැන් මහාධිකරණයට වෙත යොමු කරලා තියෙනවා. මෙහි විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් හද් වර්ගයේ හද් කියන මේ කියන්නේ දෙවියන්ට අපහාස කිරීමේ නීතිය සම්බන්ධයෙන් වරදක් සාමාන්‍යයෙන් එහි උසාවි පද්ධතිය වෙනස් කරලා නැහැ. මම හිතන්නේ ලාංකිකයන් හැටියට ඒක විශේෂිත ජයග්‍රහණයක් හැටියට අපි දකින්නේ. ඒ වගේම ජාතික සමගියටත් හොඳ උදාහරණයක්. හේතුව මෙහිදී කිසිම කෙනෙකුට ඒ පුද්ගලයාගේ ජාතිය, ආගම වැදගත් වුණේ නැහැ.

ඒ පුද්ගලයා කල්මුණේ ප්‍රදේශයේ තරුණයෙක්. ඒ ප්‍රදේශයේ මුස්ලිම් දෙමළ ජනකොටස් දෙකම ජීවත් වෙනවා. මම හිතන්නේ මෙවැනි ක්‍රියාදාමයන් තුළින් අපට ජාතික සමගිය තව තවත් ශක්තිමත් කිරීමේ හැකියාව පුළුවන් කරන්න පුළුවන් වෙයි කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. ඒ වගේම මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කොහොමද අපි මුහුණ දෙන්නේ.

එතුමා සාමාන්‍ය සේවකයෙක් නෙමෙයි, එතුමා ඉංජිනේරුවරයෙක්. අපි අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වගකීමක් තියෙනවා ලාංකිකයෝ පිටරට යනකොට ඒ රටේ සංස්කෘතිය, ඒ රටේ නීතිය ඒ පුද්ගලයන්ට දැනුවත් කරන්න. දැන් මම විශ්වාස කරනවා අපේ පහළ මට්ටමේ එම ශ්‍රමිකයන්ට ඒ දැනුවත් කිරීම දෙනවා. හේතුව අද අන්තර්ජාලය හේතු කොටගෙන මේ පුද්ගලයා පෝස්ට් එක දාලා විනාඩි 10 කින් ඒ ගැලව්වා.

හැබැයි ඒ විනාඩි 10 ඇතුළත වෙන කෙනෙක් පරිවර්තනය කරලා ඒ දෙමළ භාෂාවෙන් කරපු පෝස්ට් එකක් වෙන කෙනෙක් පරිවර්තනය කරලා අදාළ අංශවලට භාර දීම තුළින් තමයි මේ සිදුවීම සිදුවුණේ.

ඒ නිසා අපි සෑමවිටම බැලිය යුතුයි අපට කොහොමද මෙවැනි අභියෝගවලට තවත් අපේ ලාංකිකයෝ ඉන්නවා හුඟක් අපේ ශ්‍රමිකයා ශ්‍රී ලංකා ජනගහනයෙන් 10% කීයෝ 10 කට වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග සහ අනෙකුත් රටවල ශ්‍රමිකයන් හැටියට කටයුතු කරනවා. ඒ පුද්ගලයන්ට නොයෙක් අවස්ථාවලදී නොයෙක් අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා.

ඒ නිසා මා විශ්වාස කරනවා ඒ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපි ශ්‍රමිකවත් ස්වෙච්ඡා සංගමයක් පිහිටුවිය යුතුයි. ඒ වගේම අපට විශාල විදේශ විනිමයක් අපට මේ අපේ ශ්‍රමිකයන් හරහා අපට ලැබෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි වෙනම ෆන්ඩ් එකක් ඇති කළ යුතුයි.

හේතුව මේ අවස්ථාවේදී විදේශ ඇමතිතුමා සහ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමක් තිබ්බේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. හේතුව සමහර කලින් අපි රසානාගේ සිදුවීම දිහා බලනකොට එහිදී අපි දේශපාලන මට්ටමනෙයි සම්බන්ධ වුණේ.

හැබැයි මෙහිදී ඇති විශේෂත්වය අතිගරු ජනාධිපතිතුමාට මෙය පැහැදිලි කිරීමක් කළ පසු එතුමා තීන්දු කරා මේක අධිකරණය හරහා තමයි මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම දැන් 27 වැනිදා මේ නඩුව මහාධිකරණයට එනවා”යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *