කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් පසුගිය 2026 ඔක්තෝබර් 19 වන දින පවරන ලද නඩුවට අදාළ අත්අඩංගුවට ගැනීමේ සියලු වගකීම් තමන් භාරගන්නා බව Chathura Gunarathne අද (ඔක්තෝබර් 20) නිවේදනය කළේය.
අත්අඩංගුවට ගැනීම සිදු කළේ තමන් බවත්, එය නීතිවිරෝධී නම් ඒ සඳහා සම්පූර්ණ වගකීම තමන් සතු බවත් ඔහු පැවසීය. තමන් වැරදි නම් තමන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කළ හැකි බවත්, ඒ සඳහා අවශ්ය නීතිමය ප්රතිපාදන ප්රමාණවත් තරම් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වගකිව යුතු නොවන බව ද ඔහු කීවේය. ඔවුන් කළේ තමන්ගේ ඉල්ලීම පරිදි වැටලීම් සඳහා සහාය වීම පමණක් බව ඔහු පැහැදිලි කළේය.
නඩුවට අදාළ තීන්දුව අධිකරණය සාධාරණ නඩු විභාගයකදී ලබා දෙනු ඇති බව පැවසූ ඔහු, ඊට පෙර සමාජ මාධ්ය ඔස්සේ නඩුවේ තීන්දුව ප්රකාශ කිරීමෙන් වන්නේ නඩුවට අගතියක් මිස යහපතක් නොවන බවට අවවාද කළේය.
සැකකරුගේ බිරිඳ කළ හඬ පටයක් (වොයිස් කට් එකක්) පිළිබඳව ද ඔහු අදහස් දැක්වීය. සැකකරු නිර්දෝෂී බවත්, තර්ජනය කර බලෙන් නඩුවක් පැවරූ බවත් සඳහන් කරමින් සැකකරුගේ බිරිඳ මාධ්ය හමුවක් කැඳවූ පමණින් නිලධාරියා වරදකරු වී සැකකරු නිදහස් වේ නම්, අනාගතයේ කිසිදු අපරාධමය වරදක් සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට සාමනිලධාරීන්ට නොහැකි වන බව ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් කලබල නොවී, නඩුව නීතිමය ක්රියාවලියට අනුව ඉදිරියට යාමට ඉඩ දෙන ලෙස ඔහු සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටියේය.