පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවා තබාගෙන ප්රශ්න කරනු ලබන රාජ්ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ සහ බුද්ධි නිලධාරීන් තිදෙනාට එරෙහි නඩුව එළඹෙන නොවැම්බර් මස 05 දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද (21 ) නියෝග කර තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන් ලබන මස 04 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමටයි මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ.
නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
සිද්ධියට අදාලව කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලිප පිරිස් පවසා ඇත්තේ,මෙම සිද්ධියට දඩුවම් නියම වූ තිදෙනෙකු විසින් මෙම ප්රහාරයට වගකිව යුතු අය සිටින බවට බරපතල ප්රකාශයක් කර තිබූ අතර ඊට අදාලව ඔවුන්ගෙන් ප්රකාශ ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසයි.
අධිකරණය එම ඉල්ලීමට අවසර ලබා දී තිබෙනවා.
එමෙන්ම සුරේෂ් සලේ ට විදේශ ගමන් බලපත්ර දෙක තූනක් තිබෙන බවත් කරුණා අම්මාන්ට රාජ්ය තාන්ත්රික විදේශ ගමන් බලපත්ර සාදා දී ඇත්තේ සුරේෂ් සලේ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙම විමර්ශනවලට අදාළ සාක්ෂිවල ප්රබල තත්ත්වයක පවතින අතරම සැකකරුවෙකු ලෙස මෙතෙක් නම් කර නොමැති බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.
එමෙන්ම ඔහුගේ විදේශ ගමන් තහනම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන අතර හෘද සැත්කමකට පසු තත්ත්වයක් සම්බන්ධයෙන් ප්රතිකාර ලබා ගැනීමට අවශ්ය නම් ලේඛන සලකා බලා අවශ්ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත්තේ.
Source – Ahasa News