හදි හූනියම් සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින්, එම ක්රියාවන් සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව සතුටු වන බව නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා ප්රකාශ කර තිබේ.
එම හදි හූනියම් සිදුකළ පිරිස් ඉල්ලා සිටියේ රටට, ආගමට සහ දේශයට වින කළ පුද්ගලයන්ට හානි කරන ලෙස බව සඳහන් කළ නියෝජ්ය අමාත්යවරයා, මේ වන විට රටට හානි කළ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් 60 දෙනෙකු පමණ සිරගත වී නඩු වැටී ඇති බවත්, තවත් 200ක 300ක නඩු ගොනු පවතින බවත් පෙන්වා දුන්නේය.
එසේම, එම හූනියමේ බලයෙන් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති සාක්ෂි (evidence) සොයා ගැනීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.