මට 102කට උණ ,ඒක නිසයි හෝටලයට ගියේ – බලංගොඩ කස්සප හිමි කියයි

පූජ්‍ය ගලගොඩඅත්තඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාවයට එක්ව සිටින අතරතුර, කොළඹ පිහිටි තරු පහේ හෝටලයකට වැඩම කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව පිළිබඳව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් කරුණු පැහැදිලි කර ඇත.

අදාළ විරෝධතාවයේ නිරත භික්ෂූන් වහන්සේලා අපහසුතාවයට පත් කිරීම සඳහා ආණ්ඩු හිතවාදීන් විසින් මෙවැනි ප්‍රචාරයන් දියත් කරන බවට උන්වහන්සේ චෝදනා කරති.

“උණ තත්ත්වය නිසා දායකයින් නවාතැන් සලසා දුන්නා”

තමන් වහන්සේ රෝගාතුරව සිටි බවත්, එහිදී දායකයින් විසින් අවශ්‍ය නවාතැන් සහ වෛද්‍ය පහසුකම් සලසා දුන් බවත් උන්වහන්සේ සඳහන් කළහ. විරෝධතාවය අතරතුර තමන්ගේ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102 දක්වා ඉහළ ගිය බවත්, ඒ හේතුවෙන් විරෝධතාව පැවැත්වෙන විහාරමහාදේවි උද්‍යානය ආසන්නයේ නවාතැන් ගැනීමට ස්ථාන කිහිපයක් දායකයින් සූදානම් කළ බවත් උන්වහන්සේ පැවසූහ.

දායකයින්ගේ ආරාධනයෙන් ඇතැම් ස්ථානවලට වැඩම කළ බවත්, එහිදී වෛද්‍ය කණ්ඩායම් පැමිණ තමන් වහන්සේට ප්‍රතිකාර ලබා දුන් බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *