ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ වෙත ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතා සහ ඒ ආශ්රිත සිදුවීම් සම්බන්ධයෙන් මෙරට ප්රධාන මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් 2026 ඔක්තෝබර් 25 දිනැතිව විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
ශ්රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පුජෝපහාරයට පාත්ර වන අධ්යාත්මික මාර්ගෝපදේශකයන් වන බව එම නිවේදනයේ සඳහන් වේ. එම අභිමානය සහ පිළිගැනීම රඳා පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණක් බව උන්වහන්සේලා පෙන්වා දෙති.
