හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල බෙහෙත් නඩුවේ සාක්ෂි විභා­ගය අව­සන් කරයි

රමි­ති­යෙන් තොර හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීම සම්බ­න්ධ­යෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල ඇතුළු විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ ගොනු­කර ඇති නඩුවේ පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ගය අව­සන් කරයි. නඩුවේ විත්ති වාච­කය ලබන 29 වැනිදා කැඳ­වී­මට කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය නියෝග කරයි. ප්‍රියන්ත ලිය­නගේ, විරාජ් වීර­සූ­රිය හා තිල­ක­රත්න බණ්ඩාර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභා­ගය සඳහා ඊයේ (26) කැඳ­වනු ලැබීය. පැමි­ණි­ල්ලෙන් ඉදි­රි­පත් කළ සාක්ෂි සම්බ­න්ධ­යෙන් විත්තිය ප්‍රමා­ණ­වත් කරුණු සනාථ කිරී­මක් (ප්‍රති­වි­රෝ­ධතා) සිදු නොකළ බවත්, එබැ­වින් විත්ති වාච­කය කැඳ­වී­මට තීර­ණය කළ බවත් කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඊයේ (26) අව­ධා­ර­ණය කළේය.

පැමි­ණිල්ල වෙනු­වෙන් නීති­ප­ති­ව­රයා නියෝ­ජ­නය කර­මින් රජයේ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මිණි ගිරි­හා­ගම මෙණෙ­විය සමඟ ජ්‍යෙෂ්ඨ අධි­නී­තිඥ කලන කොත­ලා­වල මහතා අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

විත්තිය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න, ජනා­ධි­පති නීතිඥ නලින් ලද්දු­ව­හෙට්ටි, ජනා­ධි­පති නීතිඥ ප්‍රියන්ත නාවාන හා ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත නීතිඥ මණ්ඩ­ල­යක් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ.

හියු­මන් ඉමි­යු­නො­ග්ලො­බි­යු­ලින් සහ රිටො­ක්සි­මැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වෛද්‍ය සැප­යුම් අංශ­යට සපයා ශ්‍රී ලංකා ජන­ර­ජයේ මුදල් රුපි­යල් ලක්ෂ 1,444ක් වංක ලෙස පරි­හ­ර­ණය කිරී­මට කුම­න්ත්‍ර­ණය කිරීම සහ එම මුදල් සාප­රාධී සාවද්‍ය පරි­හ­ර­ණය කිරීම ඇතුළු අධි­චෝ­දනා දහ­තු­නක් (13) යටතේ විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින් මෙම නඩුව ගොනු­කර තිබිණි.

නඩුවේ සාක්ෂි­ක­රු­වන් ලෙස පුද්ග­ල­යන් 350 දෙනකු හා නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යා­වක් පැමි­ණිල්ල විසින් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

ප්‍රමි­ති­යෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයි­සො­ලෙස් බයෝ­ටෙක් ෆාමා සමා­ගමේ හිමි­කරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැප­යුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍ර­ම­නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ සහ­කාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොල­මන්, ගණ­කා­ධි­කාරි නෙරාන් ධනං­ජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර­ගුප්ත, වෛද්‍ය සැප­යුම් ඒක­කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය හේරත් මුදි­ය­න්සේ­ලාගේ ධර්ම­සිරි රත්න­කු­මාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙ­ළිය රඹු­ක්වැල්ල, හදිසි ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලියේ ප්‍රස­ම්පා­දන කමිටු සාමා­ජික වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය (විදේ­ශ­ගත වී ඇත), සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක, වෛද්‍ය සැප­යුම් අංශයේ අධ්‍ය­ක්‍ෂ­ව­ර­යකු වන වෛද්‍ය අර­ඹේ­ගෙ­දර තුසිත සුද­ර්ශන සහ ඖෂධ නියා­මන අධි­කා­රියේ හිටපු සභා­පති විජිත් ගුණ­සේ­කර නමැති අය මෙම නඩුවේ විත්ති­ක­රු­වන් ලෙස නම්කර තිබිණි.

මේ සම්බ­න්ධ­යෙන් පැවැත්වූ මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ නඩු­වේදී අත්අ­ඩං­ගු­වට ගෙන බන්ධ­නා­ගා­ර­ගත කිරී­මෙන් අන­තු­රුව විත්ති­ක­රු­වන් දස දෙනකු මේ වන විට ඇප මත මුදා­හැර සිටින අතර, පළමු විත්ති­කරු ලෙස නම් කර සිටින ප්‍රමි­ති­යෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන එම සමා­ගමේ හිමි­කරු වන සුගත් ජනක ප්‍රනාන්දු මේ වන තෙක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින අතර, දහ­වැනි සැක­කරු වන වෛද්‍ය ජය­නාත් බුත්පි­ටිය විදේ­ශ­ග­තව ඇති අතර ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය විසින් ජාත්‍ය­න්තර රතු නිවේ­දන නිකුත් කර තිබිණි.

2023 ඔක්තෝ­බර් මස අල්ලස, දූෂ­ණය හා නාස්ති­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නයේ සභා­පති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළි­බඳ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට සහ අල්ලස් කොමි­ස­මට කරන ලද පැමි­ණි­ලි­ව­ලට අනුව 2023 ඔක්තෝ­බර් 13 වැනි දා සිට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කළ අතර අන­තු­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ නඩු පැව­රීය.

එලෙස මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පැව­රී­මෙන් පසු සිදු කරන ලද සියලු විම­ර්ශ­න­යන් අව­සන් කිරී­මෙන් අන­තු­රුව පසු­ගිය පෙබ­ර­වාරි මස 06 වැනි දින විම­ර්ශ­න­යන්හි උධෘත නීති­ප­ති­ව­රයා වෙත යොමු­කර ඇති අතර, ඒ අනුව නීති­ප­ති­ව­රයා විසින් කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ මෙම විත්ති­ක­රු­වන්ට එරෙ­හිව අධි­චෝ­දනා ගොනු­කළ අතර ඉකුත් වසරේ සැප්තැ­ම්බර් මස 16 වැනිදා විත්ති­ක­රු­වන්ට අධි­චෝ­දනා පත්‍ර භාර දීම සිදු කළේය. ඉන් අන­තු­රුව අද දක්වා නඩුව දින­පතා විභාග කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *