නඩුව ඉදි­රි­යට පව­ත්වා­ගෙන යාමට තරම් ප්‍රමා­ණ­වත් සාක්ෂි ඉදි­රි­පත් කරලා – හිටපු මහ බැංකු අධිපති කබ්‍රාල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය කියයි

හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව පවරා ඇති නඩුවේ පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ග­යෙන් අන­තු­රුව, විත්තියේ සාක්ෂි කැඳ­වී­මට කොළඹ විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඊයේ (26දා) නියෝග කළේය.

ඒ අනුව හිටපු මහ බැංකු අධි­ප­ති­ව­රයා සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි දීම ආරම්භ කළේය. මෙම නඩුව මනෝජ් තල්ගො­ඩ­පි­ටිය (සභා­පති), උදේශ් රණ­තුංග සහ බුද්ධික සී. රාගල යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විශේෂ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඉදි­රියේ විභා­ග­යට ගැනිණි.

2011 වසරේ මාර්තු මස 11 වැනිදා සහ 2012 වසරේ නොවැ­ම්බර් මස 19 වැනිදා අතර කාල­සී­මාව තුළ ග්‍රීසියේ ආර්ථි­කය බිඳ­වැටී තිබි­යදී, දැඩි මූල්‍ය අව­දා­න­මක් සහිත ග්‍රීක බැඳු­ම්ක­ර­වල රජයේ මුදල් ආයෝ­ජ­නය කිරීම මඟින් රුපි­යල් 1,843,267,595.60ක (රුපි­යල් කෝටි 184කට අධික) පාඩු­වක් රජ­යට සිදු කිරීම සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් හිටපු මහ බැංකු අධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව මෙම නඩුව පවරා තිබේ.

පැමි­ණිල්ලේ සාක්ෂි විම­සීම අව­සන් කිරී­මෙන් අන­තු­රුව, විත්ති­ක­රුට එරෙ­හිව එල්ල කර ඇති චෝදනා සාධා­රණ සැක­ය­කින් තොරව සනාථ කිරී­මට තරම් ප්‍රමා­ණ­වත් සාක්ෂි ඉදි­රි­පත් කිරී­මට පැමි­ණිල්ල අපො­හො­සත් වී ඇති බවට විත්තිය වෙනු­වෙන් මූලික විරෝ­ධ­තා­වක් මතු කෙරිණි. ඒ අනුව, අප­රාධ නඩු විධාන සංග්‍රහ පනතේ 200 වැනි වග­න්තිය ප්‍රකා­රව විත්තියේ සාක්ෂි කැඳ­වී­ම­කින් තොරව විත්ති­කරු නිද­හස් කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලී­මක් කරන ලදි.

එම ඉල්ලීම සම්බ­න්ධ­යෙන් දෙපා­ර්ශ්ව­යේම කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල, විත්ති­ක­රුට එරෙ­හිව නඩුව ඉදි­රි­යට පව­ත්වා­ගෙන යාමට තරම් ප්‍රමා­ණ­වත් සාක්ෂි පැමි­ණිල්ල විසින් ඉදි­රි­පත් කර ඇති බවට තීර­ණය කර­මින් අදාළ ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

ඒ අනුව විත්තියේ සාක්ෂි විභා­ගය පැවැ­ත්විය යුතු බවට නියෝග කළේය.

විත්තියේ නඩුව විම­සී­මට තීර­ණය කිරී­මෙන් අන­තු­රුව අප­රාධ නඩු විධාන සංග්‍ර­හයේ 201 වැනි වග­න්තිය යටතේ විත්ති­ක­රුට නීති­යෙන් හිමි­වන අයි­ති­වා­සි­කම් සහ විකල්ප පිළි­බ­ඳව අධි­ක­ර­ණය විසින් විත්ති­කරු දැනු­වත් කරන ලදි. ඒ අනුව, සාක්ෂි කූඩු­වට නැඟ දිවු­රුම් දී හරස් ප්‍රශ්න­ව­ලට යටත්ව සාක්ෂි ලබා දීමට, නැත­හොත් දිවු­රුම් දීම­කින් හෝ හරස් ප්‍රශ්න­ව­ලට යටත් වීම­කින් තොරව විත්ති කූඩුවේ සිට ප්‍රකා­ශ­යක් පම­ණක් සිදු කිරී­මට, එසේත් නොමැති නම් විත්තිය වෙනු­වෙන් වෙනත් සාක්ෂි­ක­රු­වන් කැඳවා සාක්ෂි මෙහෙ­ය­වී­මට විත්ති­ක­රුට අව­ස්ථාව හිමි­වන බව අධි­ක­ර­ණය පෙන්වා දුන්නේය.

අධි­ක­ර­ණය හමුවේ ඇති එම විකල්ප අත­රින් සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි දීමට විත්ති­කාර අජිත් නිවාඩ් කබ්රාල් තීර­ණය කළේය.

ඒ අනුව ඔහු සාක්ෂි කූඩු­වට නැඟ සාක්ෂි ලබා දුන්නේය. එහිදී එකල පැවති දේශීය හා ජාත්‍ය­න්තර ආර්ථික තත්ත්වය මෙන්ම, අධික අව­දා­න­මක් පැව­ති­යද ග්‍රීක බැඳු­ම්ක­ර­වල මුදල් ආයෝ­ජ­නය කිරී­මට තීර­ණය කළ පසු­බිම සහ ඒ සඳහා බලපෑ හේතු සාධක විස්ත­රා­ත්ම­කව අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් හෙළි­ද­රවු කරන ලදි.

මෙම නඩුවේ පැමි­ණිල්ල වෙනු­වෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ සහ­කාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බ­න්ද­ප්පෙ­රුම මහ­ත්මිය සමඟ කමණි ද සිල්වා සහ ගජ­ලක්ෂ්මි සිව­සු­බ්‍ර­ම­නි­යම් යන මහ­ත්මීහු පෙනී සිටි­මින් පැමි­ණිල්ල මෙහෙ­ය­වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *