පවතින නඩුව ඊයේ අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දී, ක්රිෂ් නඩුවේ දී නාමල් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අලි සබ්රී මහතාද අධිකරණය හමුවට පැමිණ තිබුණි. ඒ විශේෂ මෝසමක් ඉදිරිපත් කරමින් නාමල් වෙනුවෙන් ඇප ඉල්ලීම සදහා ය.
නාමල්ට ඇප ඉල්ලමින්, “අද නාමල්ට ඔහුගේ අම්මා බලන්න බැරි වුනොත්, සමහර විට ආයෙ කවදාවත් ඔහුට ඈ බලන්න නොහැකි වෙන්න පුලුවන්” යැයි නීතීඥ අලි සබ්රී පවසා තිබුණි.
ඊට හේතුව, ශිරන්ති රාජපක්ෂ, ඊයේ දිනයේ දී ඕපන් හාර්ට් ශල්ය කර්මයකට පෙනී සිටීමට නියමිතව සිටි බැවිනි