බ්රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්රහණය ශ්රී ලංකාව සහ බ්රසීලය අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් යහපත් මාවතකට යොමු කිරීමට මංපෙත් විවර කරනු ඇති බව ශ්රී ලංකාවේ බ්රසීල තානාපතිවරයා ප්රකාශ කරයි.
පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ජනාධිපති ලූලා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බ්රසීලයේ සංචාරයක් සඳහා ආරාධනා කර තිබුණද, බ්රසීලයේ මැතිවරණ ක්රියාවලිය හේතුවෙන් එම සංචාරය පෙර සූදානම් කර ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, ශ්රී ලංකා ජනාධිපතිතුමාගේ එම නිල සංචාරය ලබන වසර තුළදී සිදු කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර ඇත.
පසුගිය වසර 25 තුළ ශ්රී ලංකාවේ ජනාධිපතිවරයෙක් බ්රසීලයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර, මෙම සබඳතා හරහා ක්ෂේත්ර බොහෝමයක් සඳහා නව දොරටු විවර වනු ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ