හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන තැනැත්තන්ට එරෙහිව පවරන ලද දූෂණ නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් 23දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (28) නියෝග කළේය.
නිසි සුදුසුකම් නොමැති තැනැත්තකු නාවික හමුදාවේ විධායක ශිෂ්ය භට නිලධාරියකු ලෙස බඳවා ගැනීමෙන් රජයට පාඩු කිරීම ඇතුළු අධිචෝදනා 7ක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.
2006 සැප්තැම්බර් මස 01 වැනිදා සහ 2007 ජූනි මස 08 වැනිදා අතර කාලසීමාව තුළ ශ්රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින්, යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරු නිසි අධ්යාපන සුදුසුකම් සපුරා නොතිබියදී බ්රිතාන්යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්යාලයේ ‘Royal Navy Young Officers Course’ පාඨමාලාව සඳහා සහභාගි වීමට අවස්ථාව සලසා දීම මගින් රජයට පාඩුවක් කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත. අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂ අමා විජයසිංහ මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ශවේන්ද්ර ප්රනාන්දු සහ සම්පත් මෙන්ඩිස් යන මහත්වරු පෙනී සිටියහ.