නව ක්‍රමවේදයෙන් ලක්ෂ 14කට අස්වැසුම අහිමි වෙයි

අස්වැසුම නව ක්‍රමවේදයෙන් ලක්ෂ 14කට ප්‍රතිලාභ අහිමි වෙයි

නව ප්‍රතිලාභ වැඩසටහන යටතේ ලක්ෂ 14 කට ආසන්න පිරිසක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා සුදුසුකම් නොලබා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එසේම, නව ක්‍රමවේදය යටතේ අන්ත දිළිඳු සහ දිළිඳු ලෙස කාණ්ඩ දෙකකට වෙන්කර ප්‍රතිලාභ ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව, අන්ත දිළිඳු කාණ්ඩ යටතේ 363,142 දෙනෙකු ඊට සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට මාසික දීමනාව ලෙස රුපියල් 17,500 ක් ලෙස හිමිවනු ඇති.

එමෙන්ම, දිළිඳු කාණ්ඩය යටතේ රුපියල් 10,000ක මාසික දීමනාවක් හිමිවනු ඇති අතර ඒ සඳහා 628,658 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව පළමු ලේඛනය යටතේ සමස්ථ සුදුසුකම්ලාභීන්ගේ සංඛ්‍යාව 991,800 ක්.

මේ අතර නව සුදුසුකම්ලාභීන්ගේ දෙවන නාම ලේඛනය ලබන දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

2023 වසරේදී සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර ප්‍රතිලාභ කාණ්ඩ 4ක් යටතේ පවුල් 18,068,407 ක් සුදුසුකම් ලබා තිබුණා. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *