Online ක්‍රමයට ප්‍රාදේශීය කාර්යාල මගින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද සිට අවස්ථාව ලබා දෙයි

එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් අද (29) සිට අන්තර්ජාලය ඔස්සේ (Online) දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ අනුව, අදාළ සේවාවන් ලබාගැනීම සඳහා පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා නිසි පරිදි වේලාවක් වෙන්කරවාගෙන, එම නියමිත වේලාවට පමණක් ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ.

මෙම පහසුකම මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාල හරහා ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය අදාළ නොවන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *