වේගවත් ආර්ථික දියුණුවක් අපේක්ෂාවෙන් රාජ්ය අංශයේ ව්යාපාර 80කට අධික ප්රමාණයක් පෞද්ගලික අංශයේ ව්යාපාර මෙන් කාර්යක්ෂම කිරීමට රජය තීරණය කර තිබේ.
මේ සඳහා අවශ්ය රාජ්ය-පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ව්යාපාර වැඩිදියුණු කිරීමටත්, රාජ්ය ව්යාපාර කළමනාකරණ, රේගු සහ කම්කරු නීති ප්රතිසංස්කරණ ඇතුළු ප්රධාන පනත් කෙටුම්පත් හතරම ලබන වසරේ (2027) පෙබරවාරි වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා ශ්රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ, කොළඹ පැවති ආර්ථික හා ආයෝජන සමුළුව අමතමිනි.
ඒ අනුව රාජ්ය අංශය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව ව්යාපාර කිරීමට හැකි වන නව රාජ්ය ව්යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ නව පනත මඟින් රාජ්ය ව්යාපාර සඳහා දේශපාලන මැදිහත් වීම් අවම කර වෘත්තීය කළමනාකරණයක් හඳුන්වා දී, රජයට වන මූල්ය බර අවම කිරීම අරමුණයි.
වසර 1869 සිට ක්රියාත්මක වන පැරණි රේගු ආඥා පනත නවීකරණයෙන් අපනයන හා ආනයන ක්රියාවලිය වේගවත් වන අතර, විසිරී ඇති කම්කරු නීති ඒකාබද්ධ කිරීමෙන් රැකියා වෙළෙඳපොළ නවීකරණය වේ.
PPP පනත මඟින් යටිතල පහසුකම් සංවර්ධනයට පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කිරීමට අපේක්ෂා කෙරේ. මේ ප්රතිසංස්කරණ අන්තර්ජාතික මූල්ය අරමුදලේ වැඩසටහන යටතේ සිදු කරන ප්රධාන ව්යූහාත්මක වෙනස්කම්වල
කොටසකි.