ශ්‍රි ලංකාවේ සියළුම පොලිස් සිර කූඩු පෙනෙන පරිදි ආරක්ෂක කැමරා සවි කිරිම ඇරඹෙයි

රී ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල සිර මැදිරි අද්දර ඇතුළත පෙනෙන පරිදි ආරක්‍ෂිත කැමරා පද්ධති (සීසීටීවී) සවි කිරීම ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම වැඩපිළිවෙළින් පසු සැකකරුවන්ට පහරදීම් හෝ වෙනත් අකටයුතුකම් සිදු නොවනු ඇතැයි පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

මේ අතර සිර මැදිරිවල සිටින සැකකරුවන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණෙන ඔවුන්ගේ හිතවතුන්ගෙන් ඔවුන්ට ලැබෙන නීති විරෝධී ද්‍රව්‍ය හොර රහසේ ලබාදීමට ක්‍රියා කරන්නේ නම් එම සිද්ධිය පවා මෙම කැමරා පද්ධතිය නිසා හෙළිවන බව ද පොලිසිය කියයි.

Source – ‘දිවයින ඉරිදා සංග්‍රහය’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *