ඥාණසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා විහාර මහාදේවී උද්‍යාන පරිශ්‍රයේ පැවති විරෝධතාවයේ දී පොලිසිය, කොළඹ මහනගර සභා බළධාරීන් සහ උද්‍යානය භාර බළධාරීන්ගේ රාජකාරියට බාධා කළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
විරෝධතාවයේ නිරත පිරිස, බලපත්‍ර ලබා නොගෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ බවටද චෝදනා එල්ල වී තිබුණි.
සී.සි.ටී.වී දර්ශන විමර්ශනය කිරීමෙන් අදාල අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලෙසයි අධිකරණය, කුරුදුවත්ත පොලිසියට නියෝග කර තිබෙන්නේ.