වනජීවී සහ පරිසර අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ‘හස්ති සේනා’ විශේෂ මෙහෙයුම් බළකාය මගින් කලා වැව, අඹවත්ත ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි වැටලීමකදී වන අලින් ඉලක්ක කර අටවා තිබූ අනවසර අවි ආයුධ රැසක් සොයාගෙන තිබේ.
212 සේනාංකයේ බ්‍රිගේඩියර් ප්‍රසන්ත විමලදාස මහතා ඇතුළු ආරක්ෂක අංශ කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සාර්ථකව දියත් කර ඇත.
එහිදී වන අලියෙකු ගොදුරු කර ගැනීමේ අරමුණින් අටවා සකස් කර තිබූ බඳින කඳක් ආරක්ෂිතව ගලවා ඉවත් කිරීමට මෙහෙයුම් කණ්ඩායම පියවර ගෙන තිබේ.
ඊට අමතරව එම ප්‍රදේශයේ සිදු කළ වැඩිදුර සෝදිසි කිරීම්වලදී බෝර තුවක්කු (ගිනි අවි) 02ක්, එම අවි සඳහා භාවිත කරන පතොරම්/උණ්ඩ, බඳින තුවක්කු සැකසීමට යොදාගන්නා යකඩ කම්බි කූරු, වෙඩි බෙහෙත් තොගයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද මෙම අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා නඩු භාණ්ඩ ලෙස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වනජීවී සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ‘හස්ති සේනා’ මෙහෙයුම තවදුරටත් කලාපය පුරා දැඩි විමසිල්ලෙන් ක්‍රියාත්මක වේ.