විදුලි බිල ඉහළ නොදැමීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කරයි

මෙම වසරේ (2026) සිවුවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති කළමනාකරණ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජලාශවල පවතින ජල සංචිත මට්ටම් සහ ‘එල්නිනෝ’ කාලගුණික තත්වයන් යටතේ පුරෝකථනය කර ඇති සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ වාර්ෂාපතනය සැළකිල්ලට ගනිමින් මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය නොවන්නේ යැයි තීරණය කළ බව ද එම ආයතනය වැඩි දුරටත් සඳහන් කළේය. 

මෙම වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා සිවුවැනි කාර්තුව සඳහා සියයට 2.46 ක විදුලි ගාස්තු ඉහළ යෑමක් අවශ්‍ය යැයි ජාතික පද්ධති කළමනාකරණ සමාගම මීට පෙර මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබුණි.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *