පොදු මගී ප්‍රවාහන බස් රථ සඳහා කාඩ්පත් මඟින් ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදය ඉදිරි මාස 06 තුළ ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මගීන්ගේ ඉතිරි මුදල් නැවත නොලැබෙන බවට ලැබෙන පැමිණිලි ඉහළ යාම සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි එහි අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා සඳහන් කර සිටියේ.
එහි නියමු ව්‍යාපෘතිය මේ වන විට සිදුකර අවසන් බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.