හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, රට මුහුණ දෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ජනතාව අතින් වැරැද්දක් වුණා, දැන් අපි ඔක්කොම දුක් විඳිනවා” යනුවෙන් පවසා ඇත.
පසුබිම: ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වනවිට නඩු කිහිපයකට මුහුණ දෙමින් සිටී.
- බදු නොගෙවා ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම හා බදු වංචා චෝදනාවට ඔහු අධිකරණයේදී වරද පිළිගෙන ඇති අතර, එම නඩුවේ තීන්දුව නොවැම්බර් 11 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
- සතොස ආයතනයට අදාළ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව වෙනම නඩුවක් විභාගයට ගැනී ඇත.