ගෝඨා ජනාධිපති සමයේ සුරේෂ් සලේ සහ අසාද් මවුලානා හෝටල් කාමරයකදී හමු වූ වාර්තා දෙන ලෙස අධිකරණය හෝටලයට නියෝග කරයි

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී ඇති අසාද් මවු­ලානා අහු­න්ගල්ලේ පිහිටි හෝට­ල­යක නවා­තැන් සඳහා කාමර වෙන් කරවා ගැනීමට අදාළ තොර­තුරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ලබා­දෙන ලෙස කොළඹ, කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන හෝට­ලයේ කළ­ම­නා­කා­රි­ත්ව­යට නියෝග කළේය. 

මේ වාර්තා ලබා­ගැ­නීම සඳහා අදාළ හෝට­ල­යට නියෝ­ග­යක් නිකුත් කරන ලෙස අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කළ ඉල්ලී­මක් සලකා බැලී­මෙන් පසු ඔහු මේ නියෝ­ගය නිකුත් කළේය. 2020 අගෝස්තු 15, 16 යන දෙදින අහුන්­ගල්ලේ පිහිටි ‘රියූ’ නම් හෝට­ල­යේදී සුරේෂ් සලේ සහ තමා හමු වූ බව දැනට විදේ­ශ­ග­තව සිටින පිල්ලෙ­යාන්ගේ ලේක­ම්ව­ර­යකු වූ අසාද් මවු­ලානා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට ප්‍රකා­ශ­යක් දෙමින් සඳ­හන් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *