රාජ්ය බුද්ධි අංශයේ හිටපු ප්රධානි සුරේෂ් සලේ සහ පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් ප්රකාශ ලබා දී ඇති අසාද් මවුලානා අහුන්ගල්ලේ පිහිටි හෝටලයක නවාතැන් සඳහා කාමර වෙන් කරවා ගැනීමට අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කොළඹ, කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හෝටලයේ කළමනාකාරිත්වයට නියෝග කළේය.
මේ වාර්තා ලබාගැනීම සඳහා අදාළ හෝටලයට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු ඔහු මේ නියෝගය නිකුත් කළේය. 2020 අගෝස්තු 15, 16 යන දෙදින අහුන්ගල්ලේ පිහිටි ‘රියූ’ නම් හෝටලයේදී සුරේෂ් සලේ සහ තමා හමු වූ බව දැනට විදේශගතව සිටින පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වූ අසාද් මවුලානා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් දෙමින් සඳහන් කර තිබිණි.