මේක සෙල්ලමක් නෙවෙයි, වස් වදින එක වස් වදිනවා පුතෝ – අනුරාධපුර සත්‍යග්‍රහයට ආ භික්ෂුවක් කියයි

අනුරාධපුර රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධිය අබියස පූජා භූමියේ දිගටම පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුරදී, එම විරෝධතාවට සහය පිණිස පැමිණි හිමියෙක් පොලීසියේ ක්‍රියාකලාපයට එරෙහිව දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

“මේක සෙල්ලමක් නෙවෙයි, වස් වදින එක වස් වදිනවා පුතෝ, වැඩි කල් ඉන්න හම්බෙන්නෑ, හත්කඩකට ඔලුව පැලෙන්නේ. එළාරවත් මේක කළේ නෑ. එදා ජනාධිපති සෑයට එද්දි සෙරප්පු දාන් ආවේ. එළාර ආවා වගේ දැණුනේ. මහත්තයෝ මේක අපිට හිතට වේදනායි. සිවුර මෙතැන මහනවා මහත්තයෝ. අර ගහපු පොලිසියේ මහත්තයාටත් කියන්න, සාපේ වදිනවා, දඬුවම් කරනවා… හත්කඩකට පලන්නෙ ඔලුව… සෙල්ලමක් නෙවේ මේක,” යැයි එම හිමියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *