ජාත්‍යන්තර වෙළෙඳපොළේ එල්.පී. ගෑස් (LPG) මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර නැවත පිරවුම් මිල ගණන් ඉහළ නැංවීමට ලාෆ්ස් ගෑස් සමාගම පියවර ගෙන ඇත.
මෙම සංශෝධිත මිල ගණන් අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 4,965ක මුදල රුපියල් 6,740ක් දක්වා රුපියල් 1,775කින් ඉහළ ගොස් තිබේ.
එසේම, කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක පෙර මිල වූ රුපියල් 1,988ක මුදල රුපියල් 2,720ක් දක්වා රුපියල් 732කින් ඉහළ නංවා ඇත.