විදේශ ණය නොගෙනම, බදු ආදායම පමණක් යොදාගනිමින් රුපියල් බිලියන 451ක් වටිනා ප්‍රධාන අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, අධිවේගී මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මාර්ග යටිතල පහසුකම් සඳහා රජය සැලකිය යුතු ආයෝජනයක් සිදුකරමින් සිටින අතර, එම ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම බදු ආදායමෙන් මූල්‍යනය කරන බවයි.
🔹 කැබිනට් අනුමැතිය ලද ප්‍රධාන අධිවේගී මාර්ග ව්‍යාපෘති දෙක:
- කුරුණෑගල-ගලේවෙල අධිවේගී මාර්ගය: මධ්‍යම අධිවේගී මාර්ගයේ 4වන අදියරේ පළමු කොටස
- කහතුඩුව-ඉංගිරිය අධිවේගී මාර්ගය: යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර
මෙම මාර්ග දෙකේ ඉදිකිරීම් කටයුතු 2026 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන අතර, 2027 අයවැයෙන් කුරුණෑගල-ගලේවෙල කොටස සඳහා රුපියල් මිලියන 30,000ක් (බිලියන 30) හා රුවන්පුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් මිලියන 27,000ක් (බිලියන 27) වෙන්කර ඇති බව ද වාර්තා වේ.