විමල් වීරවංශගේ බිරිද ශෂි විරවංශගේ වසර 02ක සිර දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි – අද සිට යළි බන්ධනාගාරයට

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ  නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේය

එම සිර දඬුවමට එරෙහිව ඇය  ඉදිරිපත් කර තිබූ  අභියාචනය සලකාබැලීමෙන් අනතුරුව එම අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය  ප්‍රකාශ කළේය.

විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂි වීරවංශ ව වහාම රිමාන්ඩ් භාරයට පත්කළ  අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අදාළ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *